counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


වැල්ලේ සාරංග හා ඩුබායි නිපුනගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 6දෙනෙකු අත්අඩංගුවට

වැල්ලේ සාරංග හා ඩුබායි නිපුන යන සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ අපරාධ මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 6දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලිය ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. 36 හැවිරිදි ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 130ක්ද සොයා ගැනුණා. මොහු සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග හා දොන් නිපුණ දමිත් උදයංග හෙවත් ඩුබායි නිපුන යන දෙදෙනාගේ අපරාධ සදහා ක්‍රියාකාරීව එක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවුණේ.

මේ අතර වැල්ලේ සාරංග ගේ මාමා කෙනෙකු බව පැවසෙන තවත් පුද්ගලයෙකු ද හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 54 හැවිරිදි මොහු අපරාධ සිදු කිරීමට ක්‍රියාකාරීව එක්ව ඇති බවයි පැවසෙන්නේ.

ඩුබායි නිපුනගේ අපරාධ මෙහෙයවූ තවත් ගෝලයින් 4 දෙනෙකු අපරාධයකට සැරසෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මෙහෙයුම් බලකාය සදහන් කළා. ග්‍රෑන්පාස් පොලිස් වසමේ තොටළග කජීමාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 330ක් තිබී සොයා ගැනුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x