counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


පෞද්ගලික බස් රථවල ගමන්කරන මගීන්ට දැනුම්දීමක්

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මෙම දුරකථන අංකය හඳුන්වාදීම බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරුණි.

ඒ, අනුව අදාළ දුරකථන අංකය ප්‍රදර්ශනය කෙරෙන ස්ටිකරයක් පෞද්ගලික බස් රථවල ඇලවීම ද ඊට සමගාමීව සිදුකෙරුණි.

බස්නාහිර පළාත තුළ ධාවනය වන පෞද්ගලික බස් රථ විසින් සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් 0112 860860 යන දුරකථන අංකය අමතා මගී ජනතාවට පැමිණිලි කිරීමේ හැකියාව පවතී.

ඊට අමතරව 076 0450860 යන දුරකථන අංකයට ද පැමිණිලි කිරීමට මගී ජනතාවට අවස්ථාව හිමිවන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x