counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


22 හැවිරිදි සරසවි සිසුවියකට දිවි එපා වෙයි

යාපනය,විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද තවත් සිසුවියක් ඊයේ(17) සිය නිවසේදි සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි වසන්තකුමාර් ඩිලක්සියා නමැති 22 හැවිරිදි තරුණියක් එලෙස සියදිවි නසාගෙන ඇති බවයි.

අදාළ තරුණිය සිය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අවස්ථාවේ සහෝදරයා විසින් දැක ඇති අතර, අනතුරුව තරුණිය කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබිණ.

තරුණිය රෝහල්ගතවන අවස්ථාවේ මියගොස් ඇති බව අනාවරණය වි ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

පසුගිය සමයේ විශ්ව විද්‍යාල සිසුන් හා සිසුවියන් රැසක් සියදිවි නසාගැනීමේ සිදුවීම් උතුරු පළාතෙන් වාර්තාවිණ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x