counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්කකර වෙඩි ප්‍රහාරයක්

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉලක්කකර ඊයේ (17) රාත්‍රියේ දී නාදුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් එම මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා විසින් පැදවූ මෝටර් රථයට එම වෙඩි ප්‍රහාරය වැදී ඇති අතර, ඊයේ රාත්‍රී 10.35ට පමණ මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් සිය නිවස ඉදිරිපිටට පැමිණ රථයෙන් බැස ගේට්ටුවෙන් නිවසට ඇතුළුවනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ මේ වනවිටත ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සහ පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x