counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


ලාංකාවේ ද්‍රවිඩ ජනතාවට තමිල්නාඩුවෙන් ගෙවල්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින්ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන තිබේ.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකළේය.‍

ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා අතින්විවෘත කර තිබේ.

තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙමනිවාස ඉදිකර ඇති බව සඳහන්ය.

පසුගිය 2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ සරණාගත කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර කිරිමටප්‍රාන්ත මහ ඇමතිවරයා පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක නව නිවාස 3,510ක් ඉදිකිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයතීරණය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x