counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස අපාර්ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර්දීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

උද්දික ප්‍රේමරත්න මහතා කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් යළි නිවස කරා තම මෝටර් රථයෙන් පැමිණි අවස්ථාවේ ඊයේ රාත්‍රී 10.35ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මෝටර් රථයේ පසුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු නොවු අතර වෙඩි තැබූ ස්ථානයේ තිබි ජීව උණ්ඩයක් හා පතරොම් කොපුවක් ද හමුවී තිබෙනවා. මිලි මිටර 9 වර්ගයේ පිස්තෝලයකින් ප්‍රහාරය එල්ල කළ ඇති බවයි මූලික විමර්ෂණවලදී හෙළි වී ඇත්තේ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x