counter customizable free hit
30 C
Colombo
Thursday, November 14, 2024


තම පන්තියේ සිසුනට ටියුෂන් දුන් ගුරුවරුන් 10කට ස්ථාන මාරු

තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති නොපවත්වන ලෙස මධ්‍යම පළාතේ පාසල්වල ගුරුවරුන්ට දැනුම් දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛනයට අවනත නොවී අමතර පන්ති පැවැත් වූ ගුරුවරුන් 10 දෙනෙකු වෙනත් පාසල්වලට මාරු කර යැවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන මහනුවර හා ඒ අවට ජනප්‍රිය පාසල්වල ඇතැම් ගුරුවරු චක්‍රලේඛනයට පිටුපා අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරු මත අදාළ ස්ථාන වැටලීම සඳහා පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා ගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර ඇත.

වාර විභාගවල දී පාසල් මට්ටමින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී උපකාරක පංති පවත්වන ගුරුවරු තමන්ගේ පන්තිවලට සහභාගී වන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙමින් පංතිවලට සහභාගි නොවන ළමුන්ගේ මවුපියන්ට එම උපකාරක පන්තිවලට සහභාගි වන ලෙස බලපෑම් කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇත.

මුදල් අයකර තමන්ගේම පන්තියේ දරුවන්ට උපකාරක පංති පැවැත් වූ ගුරුවරු හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යාමේ දී ඇතැම් ගුරුවරු මවුපියන් සම්බන්ධ කර ගනිමින් අදාළ තීරණ වෙනස් කිරීම සඳහා බලපෑම් කරන තත්ත්වයක් ද මතුව තිබේ.

මේ වනවිට පාසල් මට්ටමින් සකස් කර සිසුන්ට ලබා දෙන වාර විභාග ප්‍රශ්න පත්‍ර ලබන වසරේ දී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර පාසල්වලට ලබාදීමට සැළසුම් කර ඇත.

පාසල් මට්ටමින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී ඇතැම් ගුරුවරු උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට වැඩි ලකුණු ලබා දීමේ ක්‍රියාවලියට නැවතීමේ තිත තැබීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියකු දිනමිණට කීය.

පළාත් සභා පාසල්වල අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවත් ජාතික පාසල්වල මේ වනවිටත් ඇතැම් ගුරුවරු තමන්ගේ පන්තියේ සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම ඉහළින්ම සිදුකරන තත්ත්වයක් දක්නට ලැබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x