counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


මාස 05ක් සිහිසුන්ව සිටි තරුණයා ජීවිතක්ෂයට

පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවට ඥාතීන් චෝදනා කළේය. 

මෙලෙස මියගියේ හඟුරන්කෙත පල්ලේ බෝවල බඹරගම ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුම නමැති 22 හැවිරිදි තරුණයෙකි.

ඔහු මීට මාස කිහිපයකට පෙර කොළඹට පැමිණෙන්නේ කොරියානු භාෂා පාඨමාලාව හැදෑරීම සඳහාය. 

මේ අතරවාරයේ කොරියානු භාෂා පාඨමාලාවේ වට්ස්ඇප් සමූහයට සම්බන්ධව සිටි ඉඳුනිල් එහි සිටි කාන්තාවක් සමග කෙටි පණිවුඩ, ඡායාරූප සහ හඬපටද හුවමාරු කරගෙන ඇත.

නමුත් සැබැවින්ම තමා වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 44ක් වන කාන්තාවක් සමග බව ඉඳුනිල් දැන නොසිටි බව පසුව අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධය දැනගත් කාන්තාවගේ ඥාතීන්, පසුගිය අප්‍රේල් 19 වනදා කොරියානු භාෂා අවසන් පරීක්ෂණයට යමින් සිටි ඉඳුනිල්ව කොළඹ කොටුවේදී පැහැරගෙන ගොස් තිබුණි.

මෝටර් රථය තුළදීම දරුණු ලෙස පහරකෑමට ලක්වූ ඉඳුනිල් රැගෙන ගොස් ඇත්තේ, සපුගස්කන්ද ප්‍රදේශයටය.

අවසානයේ කොළොන්නාව සුසාන භූමිය අසලට පැමිණි පිරිස රථයෙන් බැස ඉඳුනිල්ගේ ඇඳුම් ගලවා මහ මග යළිත් වරක් පහරදුන් ආකාරය පටිගතවූ විඩියෝ පටයක් ද මේ වනවිට හමුවී තිබේ.

පසුව පහරදුන් කණ්ඩායම තරුණයාව එහි අතහැර පළාගොස් තිබුණි.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ඉඳුනිල්ව පසුගිය අප්‍රේල් 19 වනදා සපුගස්කන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.

බරපතළ ලෙස තුවාල ලබා මාස 05ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුනිල්, පසුගිය 12 වනදා සිය ජීවිතයෙන් සමුගත්තේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x