ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ අද (14) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තානු නායක බාබර් අසාම් සමත් විය.
ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගය ජයග්රහණය කරන කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහ තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහි ව තරග වදිනු ඇත.
අද තරගයට එක්වන ශ්රී ලංකා කණ්ඩායම සඳහා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ.
එසේම අද තරගයට ප්රමෝද් මධුශාන් ද කැඳවා ඇති අතර දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත අද තරගයේදී විවේක ගන්වා ඇත.
අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්,
ශ්රී ලංකා කණ්ඩායම
1 Pathum Nissanka
2 Kusal Perera
3 Kusal Mendis (wk)
4 Sadeera Samarawickrama
5 Charith Asalanka
6 Dhananjaya de Silva
7 Dasun Shanaka (capt)
8 Dunith Wellalage
9 Maheesh Theekshana
10 Pramod Madushan
11 Matheesha Pathirana
පාකිස්තාන කණ්ඩායම
1 Fakhar Zaman
2 Abdullah Shafique
3 Babar Azam (capt)
4 Mohammad Rizwan (wk)
5 Mohammad Haris
6 Iftikhar Ahmed
7 Shadab Khan
8 Mohammad Nawaz
9 Mohammad Wasim
10 Shaheen Shah Afridi
11 Zaman Khan