counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


හිරුණිකාගේ නඩුවක් වැඩිදුර විභාගය සඳහා යළි කැඳවෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය.

2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර පහරදීමේ සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ල කරමින් එම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

එහි දී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියක් වශයෙන් යොදාගත් වීඩියෝ දර්ශනවලට අදාළව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ප්‍රාදේශීය ප්‍රවෘත්ති) විමුක්ති කාරියවසම් සහ විමර්ශනවලට සහභාගි වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක මහේෂ් රුවන් ගුරුසිංහ යන අයගේ සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.

ඉන් අනතුරුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ, තවත් එක් සාක්ෂියක් මෙහෙයවීමෙන් පසු ව තමා පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 04 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x