counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ඉන්දියාවේ පැතිර යන බියකරු වෛරස් රෝගය

දුර්ලභ වෛරස් ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වෛද්‍ය බලධාරීන් පවසන්නේ “එම දෙදෙනා නිපා නම් වෛරසය ආසාදනය වීමෙන් මියගොස්” ඇති බවය.

ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් තිබුණි.

ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් දෙදෙනාගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යවා තිබේ.

නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බවත් වෛද්‍යවරු පවසති.

ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද සඳහන් ය.

මේ අතර කේරළ ප්‍රාන්තයේ සමහර පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටත් පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටුවීමටත් අද (13) එම ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළේය.

ඒ නිපා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x