counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ඇමති චාමර සම්පත් වැඩ තහනම් කළ පොස්පේට් නිලධාරීන්ට අර්ධ වැටුප්

අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නියෝග මත තම සේවය තහනම් කිරීමට ලංකා පොස්පේට් සමාගම ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන එම සමාගමේ සැපයුම් කළමනාකරු එස්. ඒ. අබේසිරි සහ මෙහෙයුම් කළමනාකරු එස්. ඩී. රූපසිංහ යන මහත්වරුන්ට අර්ධ වැටුප් ගෙවීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණි අමරසේකර සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සලකා බලන තෙක් පෙත්සම්කරුවන්ට අර්ධ වැටුප් ගෙවීමට වගඋත්තරකරුවන් එකඟ වන බවයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙසත් අධිකරණය දින නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය චාමර සම්පත් දසනායක, ලංකා පොස්පේට් සමාගමේ සභාපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පසුගිය ජූලි මස 7 වනදා එප්පාවල ලංකා පොස්පේට් සමාගමට පැමිණි බවයි.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා තමන් වෙත පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මාධ්‍ය ඉදිරියේ අපහසුතාවයට ලක් කර වැඩ තහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි එම සමාගමේ නිළධාරීන් දෙදෙනා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x