ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දුනි.
එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබාදුනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කළේ යැයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට චෝදනා ඉල්ලවී තිබේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේ, සිය සේවාදායිකාවට එරෙහිව මින් පෙර පරවා තිබූ නඩුවක පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ ලේඛන බොහොමයක් සහ එම නඩුවේ සාක්ෂිකරුවන්ව මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවය.