counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


බිරිඳ එලොව යැවූ සැමියාට ලැබුණු දඬුවම

තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ ශ්‍රී ලාංකිකයෙක් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලීසිය අද (11) පියවර ගත්තේය.

චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳව කැටොන්ග් නම් ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළදී ඝාතනය කර ඇති බවයි.

එහිදී මියගොස් ඇත්තේ සෙව්වන්දි මදුකා කුමාරි නමැති 32 හැවරිදි කාන්තාවකි.

එම ඝාතනය සිකුරාදා (09) උදෑසන 10.45ත් සවස 4.42ත් අතර සිදුකර ඇති බව සඳහන් ය.  

පොලිසිය පැමිණෙන විට 32 හැවිරිදි කාන්තාව හෝටල් කාමරයක කැපුම් තුවාලයක් සහිතව නිසලව වැටී සිටියදී සොයා ගෙන ඇත. 

ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව පැවසේ.

සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයක තිබී සොයා ගෙන ඇත.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු පොලීසියට භාරවී තිබේ. 

සැකකරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර එහිදී ඔහුව සතියක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මෙම ඝාතනයට වැරදිකරු වුවහොත් සැකකරුට මරණ දණ්ඩනය හිමිවන බව අදාළ වෙබ් අඩවිය වාර්තා කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x