counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහන ගැන දැනුම්දීමක්

අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ දෙවන අදියර ලෙස තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජුලි මාසයට අදාළ ගෙවීම් මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රුපියල් මිලියන 1,550ක මුදලක් මෙලෙස බැංකු වෙත බැර කර ඇති අතර ප්‍රතිලාභි ගිණුම්වලට හෙට (08) දිනයේ එම මුදල් බැර වනු ඇති අතර අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ පළමු අදියර ලෙස ජුලි මාසයේ දී ප්‍රතිලාභි පවුල් 790,000කට ගෙවීම් සිදුකර තිබුණි.

ජුලි මාසය තුළ ප්‍රතිලාභ ලබාදී ඇති සමස්ථ පවුල් සංඛ්‍යාව දස ලක්ෂ 48,170ක් බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ගිණුම් තහවුරු කරගැනීමෙන් අනතුරුව සෙසු ප්‍රතිලාභින් සඳහා ගෙවීම් සිදුකිරීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති අතර ජුලි මාසයට අදාළ ගෙවීම් මෙලෙස සිදු කිරීමෙන් අනතුරුව අගෝස්තු මාසයට අදාළ ගෙවීම් සියලු ප්‍රතිලාභින් සඳහා එක්වර සිදුකිරීමේ හැකියාව පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x