counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


පොලිසියේ 10ක් රෝහලට

පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ රෝගී වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් මෙන්ම පොලිස් කාන්තාවන් සහ කොස්තාපල්වරුන් ද සිටින බවයි.

මේ වන විට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා, පොලිස් කාන්තාවක් සහ කොස්තාපල්වරයෙකු පමණක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස ප්‍රතිකාර ලබාගෙන පිට වී ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ.

ඊයේ රාත්‍රී බත් සමඟ ආහාරයට ගත් හතු වර්ගයක් විෂවීම හේතුවෙන් මෙම නිලධාරීන් මෙලෙස රෝගාතුර වී ඇතැයි සඳහන්.

එලෙස රෝගාතුර වූ පිරිසට වමනය, බඩේ එළිය යාම වැනි රෝග ලක්ෂණ තිබූ බවයි වාර්තා වන්නේ.

එම හතු ව්‍යංජනය සීමිත පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් ආහාරයට ගෙන ඇතැයි ද හෙළිවී තිබෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x