counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ගෝඨාභය රාජපක්ෂගේ අත්සන හොරට යෙදූ බැංකු නිලධාරියාට අද අධිකරණයෙන් ලැබුණු දඬුවම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ව්‍යාජ ලෙඛන සකස් කළ බව කියන රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරියා එම සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව දැඩි අවවාද මත අත්හිටවූ සිරදඬුවම් නියම කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) පියවර ගත්තේය.ඒ අනුව එක් චෝදනාවකට මාස හය බැගින් චෝදනා දෙකට වසරක සිරදඬුවම් දී එය වසර පහකට අත්හිටුවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා රුපියල් 1,500 දඩ මුදලක් නියම කළ අතර සැකකරුගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසද පොලීසියට නියම කළේය.

වැඩ තහනමකට ලක්වී ඇති මෙම නිලධාරියා යළි සේවයේ පිහිටුවීම යටතේ ව්‍යාජ ලිපි ශීර්ෂයක ජනාධිපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඉදිරිපත් කළ ව්‍යාජ ලේඛන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 2020 මාර්තු මස 28 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x