counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කුමන්ත්‍රණයක් ගැන මරික්කාර්ගෙන් පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් සහ මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින් සොයාගෙන උපරිම දඬුවම් පැමිණිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළා.

මේ වනවිට ජාත්‍යන්තරය තුළ පාස්කු ප්‍රහාරයේ සත්‍ය එළිවෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සිදු වූ දිනයේ දී, එක්තරා බිද්ධි අංශ සාමාජිකයෙක් තමන් හමු වී තමන්ව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අනාවරණය කළ බව මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර සිටියා.

එහිදී සැඟවී සිටින ලෙස එම බිද්ධි අංශ සාමාජිකයා තමන් වෙත පැවසූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එවක ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙක් මැදිහත් වී තමන් ඝාතනය කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වළක්වා දැමූ බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x