counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


සුදු ඉර මතදී තරුණ යුවල අනතුරට ලක් කර පලාගිය රියදුරු අත්අඩංගුවට

මොරගහහේන නගරයේ පදික මාරුව මතදී තරුණ පෙම්වතුන් යුවළක් අනතුරට ලක් කර පලාගිය මෝටර් රථ රියදුරු දින පහකට පසුව අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පමණ රියදුරෙක්

සැකකාර පුද්ගලයා හොරණ දෙස සිට මීපේ ප්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමේදී මොරගහහෙන නගර මධ්‍යයේ සුදු ඉර මතින් ගමන් ගත් තරුණ යුවල අනතුරට ලක් කර මද වේලාවක දී පළා පලාගොස් තිබිණි

අනතුරින් තුවාල ලැබූ තරුණ යුවල හෝමාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව පොලිසිය පවසයි

පන්නිපිටිය තලංගම පාර පදිංචි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x