මොරගහහේන නගරයේ පදික මාරුව මතදී තරුණ පෙම්වතුන් යුවළක් අනතුරට ලක් කර පලාගිය මෝටර් රථ රියදුරු දින පහකට පසුව අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පමණ රියදුරෙක්
සැකකාර පුද්ගලයා හොරණ දෙස සිට මීපේ ප්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමේදී මොරගහහෙන නගර මධ්‍යයේ සුදු ඉර මතින් ගමන් ගත් තරුණ යුවල අනතුරට ලක් කර මද වේලාවක දී පළා පලාගොස් තිබිණි
අනතුරින් තුවාල ලැබූ තරුණ යුවල හෝමාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව පොලිසිය පවසයි
පන්නිපිටිය තලංගම පාර පදිංචි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1