බලන්ගොඩ වලේබොඩ තෝරවෙලකන්ද ප්‍රදේශයේදි නිධන් සෙවිමෙි කටයුතු වල යෙදෙමින් සිටියා යැයි කියන චිවරදාරියෙකු ඇතුළු පස්දෙනෙකු ඊයේ (05) දා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා
බලන්ගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (05) සවස වලේබොඩ තෝරවෙලකන්ද ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවෙසෙමින් සිටි මොවුන් ප්‍රදේශවාසිිහු විසින් අල්ලාගෙන පින්නවල පොලිස් ස්ථානයවෙත දැනුම් දි තිබේ.
පින්නවල පොලිසියේ නිළධාරිහු වලේබොඩ තෝරවෙලකන්ද ප්‍රදේශයට ගොස් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් පැමිණි වාහන දෙකක් , ජෙනලේටරයක්ද, රසායනික දියර බෝතලවක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1