counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


අවන්හලෙන් මිලට ගත් හතු සහ නූඩ්ලස් සුප් එකේ පණපිටින් මියෙකු හමු වෙයි

චීන අවන්හලකින් ගෙන ආ හතු සහ නූඩ්ලස් සුප් එකේ පණපිටින් මීයකු සිට තිබෙනවා.

මෙය ඕඩර් කර ඇත්තේ එක්සත් ජනපදයේ සෑම් හේවර්ඩ් නම් පුද්ගලයෙක්.

තම පෙම්වතිය චීන අවන්හලකින් රැගෙන ආ රාත්‍රී ආහාරය භුක්ති විඳිමින් සිටියදී එහි තිබූ හතු සහ නූඩ්ලස් සුප් එකේ යමක් සෙලවෙන අයුරු දැක තමන් වඩාත් හොඳින් ඒ දෙස බැලූ බවත් එහිදී සුප් එකේ පණ තිබෙන මියෙකු දඟලන ආකාරය දුටු බවත් සෑම් හේවර්ඩ් පවසා තිබේ.දඟලන මීයා මුලදී විශාල හත්තක් ලෙස දුටු බව හේවර්ඩ් ප්‍රකාශ කළා

අනතුරුව වහාම සුප් එකේ මීයා දඟලන අකාරය සෑම් හේවර්ඩ් ඔහුගේ ජංගම දුරකතනයෙන් පටිගත කර තිබේ.ඉන් පසු සෑම් හේවර්ඩ් සිය පෙම්වතිය රාත්‍රී ආහාරය රැගෙන ආ අවන්හල අමතා ඔවුන්ගේ සුප් එකේ පණ පිටින් මීයකු සිටි බව දන්වා ඇත. නමුත් අවන්හල එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර නැවත මුදල් ලබා දීමද ප්‍රතික්ෂේප කර තිබේ. පෙම්වතිය ආහාර මිලදී ගත් බිල්පත ළඟ නොතබා ගැනීම හේතුවෙන් එම අවන්හලෙන් සුප් එක මිලදී ගත් බව ඔප්පු කිරීමට නොහැකි වී තිබේ.

තමන් වසර 20 ක කාලයක සිට ආහාර මිලදී ගත්තේ එම අවන්හලෙන් බවත් ඔවුන් ලබා දුන්නේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් බවත් හේවර්ඩ් පවසා තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x