counter customizable free hit
28 C
Colombo
Sunday, September 8, 2024


ප්‍රෙෂර් කුකරයෙන් ගසා පෙම්වතියව ඝාතනය කරලා

29 හැවිරිදි තරුණයෙක් තම පෙම්වතියට පීඩන උදුනකින් (Pressure Cooker) පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක දී මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා වසර දෙකක පමණ කාලයක සිට බැංගලෝරයේ කුලී පදනම මත ලබාගත් නිවසක එකට ජීවත්ව ඇති අතර, ඔවුන් විද්‍යාලයේ සිට එකිනෙකා හඳුනන බවයි අනාවරණය වී ඇත්තේ.

24 හැවිරිදි දේවා නමැති තම පෙම්වතිය තමන්ව රවටන බවට ඇතිවූ සැකයක් මත දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට ද මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එලෙස පසුගිය සෙනසුරාදා දෙදෙනා අතර ඇති වූ ආරවුලක් අතර තුර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයෙන් පසු පෙම්වතාවන වෛෂ්නව් පළාගොස් ඇති බව සඳහන්.

තරුණියගේ සොහොයුරිය විසින් ලබාගත් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් ඔවුන් පිළිබඳව සොයාබලන ලෙස දේවාගේ අසල්වැසියාට ඇමතුමක් දී පවසා තිබෙනවා.

ඒ, අනුව අසල්වැසියා පැමිණ කළ විමසීමේ දී මෙම අපරාධය පිළිබඳව අනාවරණය වී ඇති අතර, ඒ වනවිටත් වෛෂ්නව් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිසිය ඔහුව ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x