counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි

රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවත්, ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළ රටටත් ජනතාවටත් සහනයක් උදාකර ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම ඒක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x