counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


බාර්බිට ඩොලර් බිලියනයක ආදරයක්

ලොවපුරා ඉමහත් රසික ආකර්ෂණයක් දිනාගනිමින් තිරගත වන බාර්බි සිනමාපටය මේ වන විට ලෝක සිනමා ඉතිහාසය අලුත් කරමින් පසුවෙනවා.

ඒ අනුව බාර්බි සිනමා පටය ඩොලර් බිලියන 1ක සීමාව ඉක්මවා ඇති බවයි වාර්තා වෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි, මේ වාර්තාව තනි කාන්තා අධ්‍යක්ෂකවරියක් එවැනි සන්ධිස්ථානයක් පසු කළ පළමු අවස්ථාවත් වෙනවා.

ග්‍රේටා ග්‍රේවින්ග්ගේ මේ වාර්තාවට පෙර ඩොලර් බිලියනයක සීමාව පසුකළ තවත් කාන්තා චරිත ලෝක සිනමාවේ අපිට මුණගැහුනත් ඔවුන් සම අධ්‍යක්ෂකවරියන් හැටියටයි හඳුනාගන්න ලැබෙන්නේ.

ඒ අනුව Frozen (USD බිලියන 1.3) සහ Frozen 2 (USD බිලියන 1.45) යන නිර්මාණ Jennifer Lee සහ Chris Buck විසින් සම අධ්‍යක්ෂණය කරන ලද අතර, Captain Marvel (USD 1.1 බිලියන) සම අධ්‍යක්ෂණය ඇනා බෝඩෙන් සහ රයන් ෆ්ලෙක්ට හිමිවෙනවා.

බාර්බි නිකුත් වී දින 17කට පසුව ඩොලර් බිලියන 1ක සන්ධිස්ථානයට පැමිණි අතර, එය එම සීමාව පසුකළ වේගවත්ම වෝනර් බ්‍රදර්ස් නිකුතුව බවටත් පත් වෙනවා.

මීට පෙර Harry Potter and the Deathly Hallows: Part 2 දින 19 ක් තුළ එම වාර්තාව තැබීමට සමත්කම් දක්වා තිබෙනවා.

වෝනර් බ්‍රදර්ස් සඳහන් කර තිබුණේ චිත්‍රපටය එහි තුන්වන සතිය තුළ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 53 ක් සහ ජාත්‍යන්තර වශයෙන් අතිරේක ඩොලර් මිලියන 74 ක් ලබාගෙන ඇති බවක්.

ඒ අනුව චිත්‍රපටය මේ වන විට දේශීය වශයෙන් ඩොලර් මිලියන 459.4ක් සහ ලොව පුරා ඩොලර් බිලියන 1.03ක් උපයා ඇති බවයි සඳහන්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x