counter customizable free hit
30 C
Colombo
Tuesday, April 22, 2025


තමා විසින්ම ඇටවූ උගුලක් නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අවසන් ගමන් යයි

තමා විසින්ම අනවසර ලෙස වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබු විදුලි රැහනක පැටලීමෙන්  මධ්‍යම පළාත් සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු  ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මයිකල් ඇකියුලස් ද සිල්වා (66) නැමැති අයෙකි.

මෙම පුද්ගලයා වගාව ආරක්ෂා කර ගැනීම සඳහා වගා බිමට  නිවසේ සිට අනවසර ලෙස විදුලි රැහැන් ඇද ඇති බවත්, එම විදුලි රැහනක පැටලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටියදී ඔහුගේ මළසිරුර ඊයේ (02) සවස සොයා ගත්බව පොලීසිය පවසයි. 

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණය අද (03) සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි. නුවරඑළිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x