counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


චමරිගේ නායකත්වයෙන් ක්‍රිකට් පිටුවක් අලුතින් ලියූ වගයි

එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව පළමු පන්දු වාර 20-20 තරග ජයග්‍රහණය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරේදා (02 වැනිදා) සමත් වූහ.

දෙරට අතර තරග තුනකින් යුත් තරගාවලියේ අපරාජිතව තවදුරටත් රැඳී සිටීමට නම් තීරණාත්මක වූ දෙවැනි විස්සයි-20 තරගයේදී එංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඔවුහු එම දස්කම ප්‍රදර්ශනය කළහ.

චෙල්ස්ම්ෆෝර්ඩ් හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 105 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 ක් සහ පන්දු 40 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගත්හ.

ශ්‍රී ලංකාව මීට පෙර 2014 වසරේ ඉන්දියාවේ පැවැති පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේදී ඒංගලන්ත කාන්තා පිලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වීම හැරුණු කොට ජාත්‍යන්තර තරගයකදී ඔවුන්ව පරාජයට පත් කරන ලද දෙවැනි අවස්ථාව ලෙසින් මෙම තරගය වාර්තා පොත් අතරට එක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායිකා චමරි අතපත්තු හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් පන්දු 31 කදී වේගවත් ලකුණු 55 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් එක් කළාය.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රියදර්ෂනී, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි එංගලන්ත පිතිකාරිණියන්ට අභියෝගයක් වෙමින් පන්දු යැවීම නිසා පන්දුවාර 18 ක් ඇතුළතදී එංගලන්ත ඉනිම ලකුණු 104 කට සීමා විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ චමරි අතපත්තු එක් කඩුල්ලක් පමණක් දවා ගත්තද ඇය යවන ලද පන්දුවාර 3 දී ලකුණු 11 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමා තිබුණාය. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද චමරි සම්මාන ලැබුවාය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x