counter customizable free hit
23 C
Colombo
Wednesday, March 19, 2025


මිනසෝටා හි බන්ධනාගාරයේ හදිසි අගුලු දැමීමක්

එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ රැඳවියන් 100ක් පමණ නැවත සිය සිරමැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බන්ධනාගාරයක හදිසි අගුලු දැමීමක් සිදු කර තිබෙනවා

අර්බුදය සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ස්ටිල්වෝටර් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයට යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිද්ධිය පිටුපස ඇති හේතු තවමත් අපැහැදිලි බව ප්‍රාන්තයේ විශෝධන දෙපාර්තමේන්තුවේ (DOC) ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පවසා තිබෙනවා

එහෙත් නීතීඥයින් පවසන්නේ බන්ධනාගාරයේ පවතින කොන්දේසිවලට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බවයි.

අධික උණුසුම, අපිරිසිදු පානීය ජලය වැනි හේතූන් පදනම්කරගෙන මෙලෙස සිරමැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අතිරේක පොලිස් ඒකක, ගිනි නිවන භටයින් සහ අනෙකුත් හදිසි කණ්ඩායම් ප්‍රාන්තයේ විශාලතම නගරයවන මිනියාපොලිස් සිට නැගෙනහිරින් කිලෝමීටර් 40 පමණ දුරින් පිහිටි Baywater හි පිටත ස්ථානගත කර තිබෙන බවද සඳහන්.

අනතුරුදායක ලෙස උණුසුම් තත්ත්වයන් වැඩිව ඇති අතර ඒ අනුව එක්සත් ජනපද බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව අවධානයක් යොමු කර ඇති පැවසෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x