counter customizable free hit
29.4 C
Colombo
Thursday, May 22, 2025


දින ගණනක් මඩේ එරුණු අලි පැටවා බේරා ගැනෙයි

බීමට ජලය සොයා ගිය වන අලි පැටවෙකු වවුනියාව මාමඩුව වැව අද්දර මඩ වළක එරී දින කීපයක්ම ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් අද (04) මහත් පරිශ්‍රමයක් දරා එම වන අලි පැටවාව බේරා ගෙන තිබේ.

අවුරුද්දකටත් වඩා අඩු වයස මෙම වන අලි පැටවා වන අලි රංචුවක් සමග දිය බීමට මාමඩුව වැව දෙසට යමින් සිටියදී වැව අද්දර වූ මඩ වළක එරී තිබේ.

සෙසු වන අලි මෙම පැටවා බේරා ගෙන ආපසු යාමට උත්සහ කළත් එය අසීරු වූ තැන වන අලි රංචුව කෑ මොර දෙමින් වනය අද්දර රැදී සිට ඇත.

ගවයින් රැගෙන ගිය මාමඩුව ගමේ ගැමියෙකුට මඩේ එරී සිටි වන අලි පැටවා දැක ගැනීමට ලැබී ඇත්තේ දින හයකට පමණ පසුවය.

ඔහු ඒ පිළිබදව මාමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය වනජීවී නිලධාරීන් කැදවා ගම්වාසීන්ගේද සහය ඇතිව පැය පහක පමණ කාලයක් දැඩි ලෙස මහන්සි වීමෙන් පසුව වන අලි පැටවා ගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x