තමා විසින්ම අනවසර ලෙස වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබු විදුලි රැහනක පැටලීමෙන් මධ්‍යම පළාත් සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මයිකල් ඇකියුලස් ද සිල්වා (66) නැමැති අයෙකි.
මෙම පුද්ගලයා වගාව ආරක්ෂා කර ගැනීම සඳහා වගා බිමට නිවසේ සිට අනවසර ලෙස විදුලි රැහැන් ඇද ඇති බවත්, එම විදුලි රැහනක පැටලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටියදී ඔහුගේ මළසිරුර ඊයේ (02) සවස සොයා ගත්බව පොලීසිය පවසයි.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණය අද (03) සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි. නුවරඑළිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.