counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඉන්දියා – පාකිස්ථාන ගැටුමට වැහි දෙයියෝ බාධා කරයි

වසර 4කට පමණ පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.5කදී ලකුණු 266කට සීමා කිරීමට පාකිස්තානයේ ෂාහීන් ෂා අෆ්රිඩී ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්වූය.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 66කදී දවා ගැනීමට පාකිස්තානය සමත්විය. කෙසේ වෙතත් ඉෂාන් ක්‍රිෂාන් හා හර්දික් පාන්ඩ්‍යා පස්වැනි කඩුල්ලට ලකුණු 138ක සාර්ථක සබඳතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම ගොඩ නැංවීය.

ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා, විරාත් කෝලි, හර්දික් පාණ්ඩ්‍යා හා රවීන්ද්‍ර ජඩේජා දවා ගැනීමට අෆ්රිඩී සමත්විය.

තරගය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ඒ අනුව පාකිස්තානය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x