counter customizable free hit
24 C
Colombo
Tuesday, March 11, 2025


විදුලිය, පෞද්ගලික අංශයෙන් ගැනීමේ සූදානමක්

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පැවසීය.

පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 54 කට මිලදී ගන්නා බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩය සතු කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බව ද සඳහන් කළේය.

එම බාලාගාරවලට අවශ්‍ය දැවිතෙල් සඳහා ඛනිජ තෙල් සංස්ථාවට මුදල් විදුලිබල මණ්ඩලයෙන් ගෙවන බවත් ඒ.එස්. මාතර බලාගාරයෙන් හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 8.01 ක් සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයේ හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 7.91 ක් පමණක් ගෙවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x