counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පළාත් සභා නැතත් වැඩිපුර කෝටි 14136ක් ගිලලා !

පළාත් සභාවලට නියෝජිතයන් පත්ව නැති තත්වයක් තුළ වුවද පසුගිය වසරේ පළාත් සභාවල වියදම් සඳහා 2019 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 14,136 ක මුදලක් වැඩිපුර වැය කර ඇති බව මුදල් කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි.

පළාත් සභා නියෝජිතයන් සිටි 2019 වසරේදී පළාත් සභාවල වියදම් සඳහා රුපියල් කෝටි 30,129ක මුදලක් වැය කර ඇති අතර, පළාත් සභා නියෝජිතයන් නොමැති 2022 වසරේදී රුපියල් කෝටි 44,265ක මුදලක් නඩත්තු කිරීම සඳහා වැයකර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.

මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් පවසන්නේ මහජන නියෝජිතයන් සහිතව පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නම් ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය වන්නේ සමස්ත වියදමෙන් සියයට 0.003 ක පමණ මුදලක් බවය.

එය ඉතාමත් සුළු වියදමක් බව ද ඔහු පැවසීය.

පළාත් සභා සඳහා වෙන් කරන මුදල්වලින් වැඩිපුර මුදලක් වැය වන්නේ සේවක පඩිනඩි හා වෙනත් දීමනා ඇතුළු පුනරාවර්තන වියදම් සඳහා බවද, එය සාමාන්‍යයෙන් සෑම වසරකම කෝටි 35,000ත් 40,000ත් අතර වන බවද ඔහු පැවසීය.

එයින්ද වැඩිම මුදලක් වැය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් හා දීමනා සඳහා බවද ඔහු කීය.

මුදල් කොමිෂන් සභා වාර්තාවලට අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු එක් එක් ක්ෂේත්‍රවල ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වන ප්‍රාග්ධන වියදම් සාමාන්‍යයෙන් කෝටි 3,000ත් 4,000 ත් අතර පවතී.

එය 2019 වසරේදී රුපියල් කෝටි 3,001 ක් වන විට 2022 වසරේදී රුපියල් කෝටි 3,934 කි.

පළාත් සභාවේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව වෙන් කිරීම සඳහා නිර්දේශ කර ඇති මුදල 2022දී රුපියල් කෝටි 22,000 ක් වුවද, අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 1,144 ක් පමණක් බවද එයින් ලැබී තිබෙන්නේ රුපියල් කෝටි 580 ක් පමණක් බවද කොමිෂන් සභා වාර්තාවලින් අනාවරණය වේ.

Lankadeepa

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x