counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මිලින්ද එයි : ක්ෂෙනුකා යයි !

ජනාධිපති මාධ්‍ය ඒකකයේ විදෙස් මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරන ක්ෂෙනුකා සෙනෙවිරත්න ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කර යැවීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට එම ධුරයේ කටයුතු කරන මිලින්ද මොරගොඩ ගේ නිල කාලය එළඹෙන සැප්තැම්බර් මාසයේදී අවසන් වන අතර ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම තීන්දුව ගෙන ඇත.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේදී එවක ආණ්ඩුවේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතය. කෙසේ වුවත් ඔහුගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ක්ෂෙනුකා සෙනෙවිරත්න මීට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර තිබෙන පළපුරුදු නිලඩ් රාජතාන්ත්‍රික නිලධාරිනියකි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x