counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


අපොස සාපෙ 10 ට ?

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි .

සාමාන්‍ය පෙළ ආරම්භක අවදියේදී 10 ශ්‍රේණියේදී පවත්වනු ලැබුවත් පසු කාලයේදී එම විභාගය 11 වැනි ශ්‍රේණිය දක්වා වසරකින් ඉදිරියට ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර අධ්‍යාපනයේ නව පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු යායුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කරදීමේ පදනම සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x