counter customizable free hit
25 C
Colombo
Thursday, March 13, 2025


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිකාරියෙකු වන මධුශංක කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබද උපාධියක් මෙන් ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ද හිමි කර ගෙන ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයක ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දරා ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x