counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ජනපතිගේ විශේෂ ප්‍රකාශය……

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් 13 වන සංශෝ‍ධනය පිළිබඳව අදහස් පළ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය රටේ උත්තරීතර නීතිය බැවින් එය නොසලකා සිටිමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එහිදී අවධාරණය කළේය.

එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

මේ අතර, පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට ජනාධිපති සුදානමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නීති සම්පාදනය සඳහා ද තවත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කර සිටියේය.

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කළේය.

විශ්වාසවන්තව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළේය.

රටේ සංවර්ධනය රඳාපවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන ඒකාබද්ධ උත්සාහයන් මත බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙසය.

රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.

ජාතික ඉඩම් කොමිසම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත්, ඉඩම් කොමිෂන් සභා නීති කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය රජයේ ඉඩම් භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට යොදා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික ඉඩම් කොමිෂන් සභාවේ කටයුතු සඳහා මඟපෙන්වීමට ඉඩම් කොමිෂන් සභා ප්‍රතිපත්ති පනතක් සැප්තැම්බර් මාසය වන විට ගෙන ඒමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

ජනපති පාර්ලිමේන්තුව අමතා කළ… by poornima

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x