counter customizable free hit
32 C
Colombo
Thursday, April 24, 2025


සජිත් ජනාධිපති ධූරයට කිසිසේත් සුදුසු නෑ !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට කිසිසේත්ම සුදුසු පුද්ගලයෙකු නොවන බව දෙමළ ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පවසයි .

ඔහු සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ කිසිදු කැමැත්තක් නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි .

සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ දෙමළ ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින්ය .

13 වන ව්‍යවස්ථා සංශෝධය සම්බන්ධයෙන් ප්‍රේමදාස  මෙතෙක් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැති බවත් දෙමළ ප්‍රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව කිසිවෙකු ප්‍රකාශ කරන්නම් එය මිථ්‍යාවක් බවත් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

ජනාධිපතිවරයා දහතුන්වන සංශෝධනය හා ඊට අයත් බලතල ගැන පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ උනන්දුවෙන් බලා සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x