counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ශ්‍රී ලංකාවට තවත් පොල් ත්‍රිකෝණයක්

සැප්තැම්බර් 02 වන දිනට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව නව පොල් ත්‍රිකෝණයක් උතුරු පළාතෙහි යාපනය, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් හඳුන්වා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (අගෝ:02) වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ‘වසරක ප්‍රගතිය’ යන තේමාව මූලික කර ගනිමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ජාවට සහභාගී වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් ඉදිරිපත් කළේ ය.

අමාත්‍යවරයා තවදුරට ත් සදහන් කළේ, මෙම වසර තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ත්, 2023 වසර තුළ රබර් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 900ක්, පොල් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආදායමක් අපේක්ෂා කරන බව ය.

ඔන්ලයින් ක්‍රමය හරහා ගෝලීය තේ වෙළෙඳපොළට තේ අලෙවි කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x