counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


උමාරා සමාව අයැදියි

වර්ෂ 2023 ජූනි මස 20 වන දින පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ සමාරම්භක උත්සවයේ දී තම ගායනාව නිසා පීඩාවට පත්වූවන් ගෙන් සමාව අයැද සිටින බව ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරා සිංහවංශ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම උත්සවයේ දී තමා විසින් ජාතික ගීය ගායනා කරද්දි සමහර වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බව තම අවධානයට ලක්වී ඇතැයි ඇය සිය නිවේදනය මගින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

” මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගා සිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධාකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණය කටයුතු කර ඇති බවයි.

ජාතික ගීයේ වචන විකෘති කිරීමකට හෝ කිසිදු ආකාරයකට වැරැදි අර්ථකථනයක් සැපයීමට මා කිසි විටෙකත් අදහස් කළේ නැත.

මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත් වූ. සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනෙකුට මාගේ හෘදයාංගම අවංක සමාව අයදිමි.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x