counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ලෝක නායකයන්ගේ සහය ගැනීමේ සයන්ස් එක ගැන සිරිසේන කියයි !

​ තිදසNews :

ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි .

තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඒ අයගෙන් උදව් ලබාගත් බවද බවද ඔහු සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පැවසීය .

ADB වෙන්න පුළුවන් IMF වෙන්න පුළුවන්. World BaBank වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්. මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත් සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත් සූදානම්.

මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන් ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක් තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලඥයන් ගැන තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x