counter customizable free hit
27.7 C
Colombo
Friday, May 23, 2025


ප්‍රංශ ජනපතිත් දිවයිනට ඇවිත් යයි

​ තිදසNews :

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ, සිය පැපුවා නිව්ගිනි සංචාරය අවසන් කරමින් ය.

ඊයේ රාත්‍රී 11.35 ට පමණ ප්‍රංශ රජයට අයත් ගුවන් යානා 3කින් ජනාධිපතිවරයා ඇතුළු දූත මණ්ඩල පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

මෙම පිරිස පිළිගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන් ය.

ගුවන් තොටුපොළ වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැය 03 කට ආසන්න කාලයක් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැදී සිට පසුව අලුයම 01.44 ට නවැත ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය බවයි.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x