counter customizable free hit
29 C
Colombo
Friday, May 23, 2025


ජපාන විදේශ ඇමති ජනපති හමුවේ

​ තිදසNews :

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

විදේශ අමාත්‍යවරයා ගුවන්තොටුපොලේදී පිළිගැනීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ඉන් අනතුරුව සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණි.

ජපාන විදේශ අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවිය.

එමෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකට ඔහු එක්විමට ද නියමිතය. ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x