counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


Barbie ඉහළ ආදායමක් ලබන චිත්‍රපටිය බවට පත්වෙයි

සම්මානනීය ඇමෙරිකානු රංගන ශිල්පිනියක හා පිටපත් රචිකාවියක හා චිත්‍රපටි අධ්‍යක්ෂවරියක වන Greta Gerwig විසින් අධ්‍යක්ෂණය කළ Barbie චිත්‍රපටිය පසුගිය සතියේ එක්සත් ජනපදයේ හා කැනඩාවේ වැඩිම සති අන්ත ආදායම ලැබූ චිත්‍රපටිය බවට පත්ව තිබෙනවා. එය ලැබූ ආදායම ඇ.ඩො මිලියන 155ක් වු අතර එය කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටි අතරින් වැඩිම ආදායම් වාර්ථා තැබු චිත්‍රපටියද වෙනවා.

Barbie නිෂ්පාදනය සදහා ඇ.ඩො මිලියන 145ක මුදලක් වියදම් වූ අතර එය මේ වන විට ලොව වටා ප්‍රදර්ශනය කිරිමෙන් ඇ.ඩො මිලියන 337ක ආදායමක් ද උපයාගෙන තිබෙනවා.

මේ සති අන්තය තුල ආදායමක් ලබාගනිමින් කාන්තාවක් විසින් අධ්‍යක්ශනය කල වැඩිම සති අන්ත ආදායමක් ලබාගත් චිත්‍රපටය බවට අධ්‍යක්ශනය කල Barbie චිත්‍රපටය පත් වෙයි.

මීට පෙර එම වාර්තාව තබා තිබුනේ Anna Boden සහ Ryan Fleck ගේ සම අධ්‍යක්ෂණයෙන් 2019 නිකුත් වූ Captain Marvel චිත්‍රපටය වන අතර ඇ.ඩො මිලියන 153ක ආදායමක් ද 2017 වසරේ නිකුත් වූ Patty Jenkins විසින් අධ්‍යක්ෂණය කළ Wonder Woman චිත්‍රපටිය ඇ.ඩො මිලියන 103 ක් ආදායමක් ද උපයා තිබුණා.

Margot Robbie සහ Ryan Gosling රංගනයෙන් දායක වන Barbie ආරම්භක සති අන්තයේදී එහි ප්‍රවේශපත්‍ර අලෙවිය Blockbuster Super Mario Bros හි ආරම්භක සති අන්තයේ ප්‍රවේශපත්‍ර අලෙවිය අභිබවා ගොස් ඇති අතර, Barbie 2023 වසරේ විශාලතම චිත්‍රපටය බවට පත්වී ඇති බව සඳහන්.

https://www.barbie-themovie.net/synopsis/
මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x