counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


හොඳම වෙඩික්කාරිය සවුත්ලන්ඩ් විදුහලේ රෝෂිකා

සමස්ත ලංකා පාසල් වෙඩි තැබිමේ තරගාවලියේ (2022) වයස අවුරුදු 18න් පහළ වායු රයිපල් අංශයේ ඉලක්කයට වෙඩි තැබිමේ තරගයේ පළමු ස්ථානය හිමිකරගනිමින් හොඳම වෙඩික්කාරිය ලෙස සම්මාන හිමිකරගැනීමට ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ තනුරි රෝෂිකා කලංසූරිය සිසුවිය සමත් වූවාය.

මෙයට අමතරව මෙකී තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ හොඳම වායු රයිපල් කණ්ඩායම ලෙසට ද ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ වායු රයිෆල් කණ්ඩායම සම්මාන හිමිකරගනු ලැබිය.

ජයග්‍රාහී වායු රයිෆල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ලෙස තනුරි රෝෂිකා කලංසූරිය සමඟ සෙත්මිණි දිදුළන්දි මදනායක, දිලාරා රවිෂාණි යන ක්‍රිඩාකාවන්ද නියෝජනය කරනු ලැබූහ.

පාසලේ විදුහල්පතිතුමි සුමේධා කාරියවසම් මහත්මිය ක්‍රීඩා භාර ආචාර්ය හර්ෂිකා හා නිලක්ෂි යන ගුරුතුමියන් දෙපළ සහ පුහුණුකරු ගිහාන් කරුණාරත්න, මහතා මේ සදහා විශාල සහයෝගයක් ලබාදුන් බැව් තනුරි රෝෂිකා කලංසූරිය සිසුවිය කීවාය.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x